අප ගැන
පොදු ප්‍රවාහන සේවයේ ඉතිහාසය
- 1907 - කොළඹ සිට හලාවතට ප්‍රථම පොදු ප්‍රවාහන සේවාව හඳුන්වා දීම.
- 1940 - මොටර් රථ කොමසාරිස්වරයා සෑම මාර්ගයකටම අවම ගාස්තු තීරණය කිරීම.
- 1958 - මධ්‍යම ගමනාගමන මණ්ඩලය ස්ථාපනය කිරීම. ලංගම යටතේ බස් රථ 2500ක් ධාවනය වීම.
- 1968 - බස් මාර්ග ව්‍යාප්ත වීම. ඵලදායීත්වය ඉහළ යෑම. නව බස් රථ ඇණියක් හඳුන්වා දීම.
- 1978 - ප්‍රදේශීය ගමනාගමන මණ්ඩල නවයක් ස්ථාපනය කිරීම. අවම ගාස්තු හඳුන්වා දීම. දුර්වල කළමනාකරණයක් පැවතීම. අධික අලාභ සහ දේශපාලනික බලපෑම් ඇතිවීම.
- 1979 - ප්‍රදේශීය සමාගම්වල අසාර්ථකත්වයත් සමග ගමනාගමන අංශයේ ආයෝජනය කිරීමට පුද්ගලික අංශයට ආරාධනා කිරීම.
- 1980 - ක්‍රියාකරුවන්ගේ අභිමතය පරිදි තෝරාගත් මාර්ගවල පෞද්ගලික බස් රථ 5000ක් ධාවනය වීම. ප්‍රදේශීය බස් රථවලට මෙය අහිතකර ලෙස බලපෑම.
- 1990 - මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවන වියදම සීමා කිරීම සඳහා ජනතාසන්තක බස් සමාගම් ආරම්භ කිරීම.
- 1998 - ඩිපෝ මට්ටමින් පැවති දුර්වල කළමනාකරණය හේතුවෙන් ජනතාසන්තක බස් සමාගම් ප්‍රදේශීය ගමනාගමන සමාගම් යටතට ගැනීම.
- 1991 - අන්තර් පළාත් බස් සේවා නියාමනය කිරීම සඳහා ජා.ග.කො.ස හඳුන්වා දීම සහ 13 වන සංශෝධනය යටතේ අන්තර් පළාත් බස් සේවා නියාමනය කිරීමට ප්‍රදේශීය ගමනාගමන අධිකාරීන් ස්ථාපනය කිරීම.
- පොදු බස් රථ ඇතුළු රථවාහන මගින් මගී ප්‍රවාහනය කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්ති පිළිබඳව රජයට උපදෙස් ලබා දීම සහ එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම උදෙසා ද, ඇතැම් මගී ප්‍රවාහන සේවා වෙත මූල්‍යමය සහයෝගය ලබා දීම උදෙසා ද ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව ස්ථාපනය කිරීම.