රෙගුලාසි සහ ප්‍රතිපත්ති

මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රය නිකුත් කරනු ලබන්නේ මගීන් සහ තෙවන පාර්ශ්වයේ (පදිකයින්, වෙනත් වාහන සහ දේප​ළ) අවදානම් සඳහා අසීමිත රක්ෂණ රැ​කවරණයක ලියාපදිංචි වී පවත්වාගෙ​න යන්නාවූ බස් රථ සඳහා පමණයි.
නවතම රෙගුලාසිවලට අනුව, සෑම බස් රථයකම ගිනි නිවනයක් (Fire Extinguisher) තිබිය යුතු ය. සේවා වේලාව තුළ දී සහ මගීන් ප්‍රවාහන කරන අතරතුර ඉන්ධ​න පිරවුම්හල්ව​ල නවතා බස් රථය​ට ඉන්ධන පිරවී​ම සිදු නොකළ යුතු ය.
සේවයේ නියුතු බස් කාර්ය මණ්ඩලය නිසි ඇඳුමින් සැරසී සිටිය යුතු අතර ඔවුන්ගේ හැසිරීම ආචාරශීලී විය යුතුය. ඔවුන් තම සේවය නියමිත පරිදි ඉටු කළ යුතු අතර ඔවුන්​ගේ ජා.ග.කො.ස හැඳුනුම්පත් නිතර​ම ළඟ තබා ගත යුතුය. .
බස් නැවතුම්පොළෙන් පිට වී ගමන ආරම්භ කිරීම​ට පෙර බස් රථයට නැඟි සෑම මගියෙකුටම ටිකට් පතක් නිකුත් කිරීම ද, ගමන්වාරය අතරතුර බස ර​ථයට ඇතුළු වන සෑම මගියෙකුටම ටිකට් පතක් නිකුත් කිරීම ​ද අනිවාර්යය වේ. නිකුත් කරනු ලබන ටිකට් පත පිළිගත හැකි ප්‍රමිති​යේ සම්මත ටිකට් පතක් විය යුතු අතර ටිකට් පත විද්‍යුත් උපකරණයක් මගින් නිකුත් කළ යුතු ය. .
සුඛෝප​භෝගී සහ අර්ධ සුඛෝප​භෝගී බස් රථ ඒවායේ පවතින ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය නොකළ යුතුය. මගීන් එකී බස් රථවල සිටගෙන ගමන් නොකළ යුතු ය. අවසර පත්‍ර නිකුත් කරනු ලබන්නේ ප්‍රතිපත්ති අනුගමන කරමින් ඉහළ ප්‍රමිතියේ සේවාවක් ලබා දෙන බස් රථ සඳහා පමණකි.
පහත සඳහන් මගී තොරතුරු බස් රථය තුළ පැහැදිලිව දැක්වි​ය යුතු ය: :
 
  • බස් ගාස්තුව
  • ගමන ආරම්භ කරන වේලාව
  • ගමනාන්තයට ළඟා වීමට නියමිත වේලාව
  • බස් රිය​දුරුවරයාගේ ​සහ කොන්දොස්තරවරයා​ගේ ජා.ග.කො.ස ලියාපදිංචි අංකය
  • බස් රථයේ අංකය
  • නිවැරදි වේලාව දක්වන ඔරලෝසුවක්
බස් රථයේ ඉදිරියේ සහ පසුපස ප්‍රදර්ශනය කළ යුත්තේ අවසරය ලත් ප්‍රදර්ශන භාණ්ඩ ආදිය පමණකි. මගීන්ට මෙන්ම මාර්ගයේ ගමන් කරන ​ජනයාට බාධා හා අනතුරු පමුණුව​න සහ ඔවුන්​​ගේ පහසුවට අවහිර වන දෑ බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීමෙන් හෝ බස් රථයට සවි කිරීමෙන් වැළකිය යුතු ය. එබැවින්, විද්‍යුත් පරිපථ භාවිතයෙන් ප්‍රදර්ශනය කරන සියලුම අලංකෘත ප්‍රදර්ශන භාණ්ඩ මෙන්ම අනුමත නොකරන ලද වෙනත් සැරසිලි ආදියෙන් බස් රථය සැරසීම සිදු නො කළ යුතු ය.
"ශ්‍රව්‍ය උපකරණ​ය අතරින් බස් රථය තුළ ක්‍රියාත්මක කළ හැක්කේ ගුවන් විදුලි යන්ත්‍රයක් පමණක් වන අතර එහි හ​ඬ ක්‍රියාත්මක කළ හැක්කේ මගීන්ට බාධා නොවන හා අපහසු නොවන මට්ටමකින් පමණි. මෙකී නව රෙගුලාසි නිසි පරිදි පිළිපැදීම තහවුරු කිරීමට ජා.ග.කො.ස විවිධ පියවර ගෙන ඇත."